සංචාරක ආකර්ෂණය දිනූ හොඳම නගර 10 අතරට ගාල්ල එක් වෙයි

ආසියානු කලාපයේ විවිධ රටවල සංචාරක ආකර්ෂණය දිනා ගත් සුන්දරම නගර 13ක් නම් කර තිබෙනවා.

සංචාරක ආකර්ශනය, යටත් විජිත යුගයේ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය, සිත් ඇදගන්නා සුළු දර්ශන හෝ සංස්කෘතිය යන නිර්නායක මත පදනම්වයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

මෙහි විශේෂත්වය වනුයේ ආසියාවේ සුන්දරම නගර අතර 8වන ස්ථානයට ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය ඇතුලත් ව තිබීමයි.

ශ්‍රී ලංකාවේ ගාලු බලකොටුව යුනෙස්කෝ උරුමයක් ලෙස ද නම් කර ඇති අතර සියවස් ගණනාවක ඓතිහාසික වටිනාකමකට නෑකම් කියනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ වඩාත් අකර්ශණීන නගරය ලෙස වියට්නාමයේ හොයි අන් නගරය පත්ව ඇති අතර එය යුනෙස්කෝ ලොක උරුම ලැයිස්තුවට ද ඇතුලත්.

ජපානයේ යුෆුන්, මැලෙසියාවේ ජෝර්ජ් ටවුන් ද පිළිවෙළින් දෙවන හා තෙවන සුන්දරම නගර ලෙස නම්කර තිබෙනවා.

ලා ඔසයේ ලුනග් ප්‍රබන්, කමේබෝජියාවේ කැම්පොට් ද මෙම සුන්දරම නගර අතරට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *