ලංකාව සතු ආර්ථික මධ්‍යස්ථාන 06ත් විකුණයි

මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන හයක් කළමනාකරණය සහයෝගිතා ගිවිසුමක් හරහා විදේශ රටකට පවරා දීමේ රජයේ සූදානමක් ඇතැයි කෘෂි ක්‍ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

එළවළු ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නා හා හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය හා ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථාන මෙන් ම ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන වැලිසර හා නාරාහේන්පිට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන මේ අයුරින් විදේශ සමාගම් වෙත පවරා දීමේ සූදානමක් ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේ ය.

දිගුකාලීන පදනම මත මෙම මධ්‍යස්ථාන කළමනාකරණය සහ ශීතාගාර ඇතුළු යටිතල පහසුකම්, නාගරික හැකියා වර්ධනය කිරීමේ අරමුණු සහිතව පවරා දීම සඳහා මූලික සාකච්ඡා සිදුව ඇති බව එම ආරංචිමාර්ග පැවසීය.

මීට අමතරව මෙම මධ්‍යස්ථාන හය වෙනුවට නව මධ්‍යස්ථාන හතරක් හරහා අත්‍යවශ්‍ය ආහාර, එළවළු සහ පලතුරු නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් තවමත් මේ පිළිබඳව අවසන් නිගමනයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.

යම් හෙයකින් මේ ආර්ථික මධ්‍යස්ථාන විදේශීය සමාගම් වෙත පවරා දීමට රජය කටයුතු කළහොත් මෙරට ගොවීන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු ඇඟවීය.

දැනට මෙම මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය මගින් කළමනාකරණය කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *