මව මැරුණු දුකට පුතාගේ හදවත පැලී මිය යයි

මව මියගිය යාමේ දැඩි සොවින් පසුවූ ඇගේ පුත්‍රයකුද මව මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධියක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ.

මිය ගිය මව වන්නේ ඉඳුරුව අකාඩේගොඩ ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරනමාන්න නැමති 71 හැවිරිදි සත් දරු මවකි.

මියගිය පුතා වන්නේ සිය මවට උපස්ථාන කරමින් එකම නිවසේ ජීවත්වූ ඇයගේ පස්වන පුතා වූ ලක්සිරි කොට්ටහච්චි නැමති 47 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහුගේ මරණය හදිසි උපස්ථාන කරමින් ඇය සමග ඉතා ආදරයෙන් සිටි මෙම පුත්‍රයා ඉකුත් 22 දා සිය මව අසනීපව නිවසේදීම මිය යාමෙන් බෙහෙවින් කම්පනයට හා ශෝකයට පත්වී සිටි බව එම පවුලේ සාමාජිකයෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *