මෙරට තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත ලංකාවේම රැකියා අවස්ථා

මෙරට තරු පන්තියේ හෝටල් හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයන්ට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

කළමනාකාර සේවයේ සිට මුළුතැන්ගෙය දක්වා සෑම අංශයකම සේවක පුරප්පාඩු පවතින බවත් ඒ සඳහා සුදුසුකම් සහිත සේවකයන් අයැදුම් නොකිරීම නිසා මෙම පුරප්පාඩු පුරවා ගැනීමට නොහැකි වී ඇති බවත් අදාළ හෝටල් කළමනාකාරිත්වය ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය උදාවී ඇත්තේ, තරු හෝටල් හි පුහුණුව ලැබූවන් බොහෝ දෙනකු විදේශ හෝටල්හි රැකියා සඳහා පිටත්ව යෑම සහ හෝටල් පාසල් හි පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදේශ හෝටල් හි රැකියා අපේක්‍ෂාවෙන් සිටීම නිසා, බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රකාශකයෙකු පැවසුවේ, මීට විසඳුම් ලෙස හෝටල් සේවාව පිළිබඳ පුහුණුව ලැබූ තරුණ තරුණියන් කඩිනමින් තරු හෝටල් සඳහා යොමු කරවීමට පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *