දේශබන්දුව පොලිස්පති කරන්න ව්‍යස්ථාදායක සභාව බෙදෙයි – කතානායක දුන් තීරක ඡන්දය නිසා පොලිස්පති ධුරය හිමි වෙයි

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය, සාගර කාරියවසම්, නිමල්  සිරිපාල ද සිල්වා සහ  වෛද්‍ය  අනුලා විජේසුන්දර  යන සාමාජිකයන්  දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කරනු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී  ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂිම්  මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය දී ඇතැයි වාර්තා වේ.

ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සහ ආචාර්ය ප්‍රතාප්  රාමනුජන්  මහතා ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මේ අනුව කතානායකවරයා  තීරක ඡන්දය  පක්ෂව  පාවිච්චි කිරීමෙන් යෝජනාව ස්ථිර කෙරුණු බව දැනගන්නට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා  පොලිස්පති ධූරයේ ස්ථීර කිරීමට අදාල යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(26) පෙරවරුවේ  රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *