සෙනසුරාදා සංචාරකයින් 10,000 ක් එයි – පෙබරවාරි දැනට සංචාරකයින් 191,000ක් එයි

පසුගිය පෙබරවාරි 24 වන සෙනසුරාදා දිනයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් 10,014 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය යළි පිබිදීමෙන් පසු තනි දිනක් ඇතුළත මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත වැඩිම සංචාරකයින් ප්‍රමාණය ලෙසින් මෙය දැක්විය හැකිය.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2024 පෙබරවාරි මාසය තුළ 25 දින දක්වා මෙරට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 191,018 ක් බවයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 399,271 ක් වේ.

පෙබරවාරි මාසය තුළ පැමිණි මුළු සංචාරකයින්ගෙන් 15% ක්, එනම් 27,909 ක් රුසියානු සමූහාණ්ඩුවෙන් මෙරටට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් පැමිණ ඇති ප්‍රමාණය 26,161 ක් හෙවත් මුළු සංචාරකයින්ගෙන් 14% කි.

Weekly Report February 1 to 25 2024 1 2 Iri News
Weekly Report February 1 to 25 2024 1 3 Iri News
Weekly Report February 1 to 25 2024 1 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *