අද හවසත් ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් අවලංගුයි – 4ක් ප්‍රමාදයි

අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3ක් අවලංගු වී තිබේ.

මේ අතර තවත් ශ්‍රීලංකන් යානා 4 ක් පිටත්වීම ප්‍රමාද වන බව වාර්තා වේ.

අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිල ගුවන් ගමන් කාලසටහන මේ බව පෙන්වා දේ.

ඒ අනුව පැය 17.10ට මුම්බායි දක්වා පියාසර කිරීමට නියමිත වූ UL 143 දරන ගුවන් යානය, පැය 18.30 ට Dammam දක්වා පියාසර කිරීමට නියමිත වූ UL 263 දරන යානය සහ පැය 18.50 ට අබුඩාබි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ UL 207 යානය මේ වන විට අවලංගු කර ඇති ගුවන් වාර වේ.

මීට අමතරව පැය 18.15 ට Riyadh දක්වා යාමට නියමිත UL 265 දරන යානය, පැය 18.20 ට Incheon දක්වා ගමන් ගැනීමට නියමිත වූ UL 470 දරන යානය, පැය 18.40 ට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිත UL 225 යානය සහ පැය 18.50 ට Male දක්වා ගමන් ගැනීමට නියමිත UL 103 යානය පිටත් වීම් ප්‍රමාද වන බව වැඩිදුරටත් සඳහන් වේ.

SriLankan delay canceled Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *