ඉර අද තවත් සැර වෙයි

පවතින අධික රස්නය හමුවේ ළමයින්ට වැඩි වේලාවක් ජලයේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

එසේම මේ වනවිට කුඩා දරුවන්ගේ ශරීරවල දද, කුෂ්ඨ ඇති වීමේ වැඩි අවදානමක් ඇති අතර සුවකර ගැනීම සඳහා වැඩි වශයෙන් ජලය පානය කිරීමට සලස්වන ලෙස ද ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේ නොවුණහොත් හිසරදය ,වමනය ,මුත්‍රා පැහැය වෙනස්වීම ඇතිවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කර සිටියි.

මෙම උණුසුම් කාලසීමාව අප්‍රේල් මස අවසන් වන තෙක් දක්නට ලැබෙන අතර ඒ වනතෙක් ළමයින් ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි .

විශේෂයෙන් ලවණ සහිත දියර,තැඹිලි, දෙහි දොඩම් වැනි දෑ වැඩි වශයෙන් මේ කාලයේදී බීමට දීම සුදුසු බවත් අධික උණුසුම තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට (29දා) සහ අනිද්දා (01දා) පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

සියලුම පාසල් විදුහල්පතින්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වනවිටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව ඉදිරියේ දී කටයුතු කරන ලෙස අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *