මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත රක්වාන දෙමුවාත මහා විද්‍යාලයේ 13 කලා ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එල්. ගීතාංජලී සෙනෙවිරත්න ශිෂ්‍යාවගේ පාද දෙකෙහිම උකුල් ඇට බද්ධ කිරීමේ සැත්කමකට මුදලින් ආධාර කරන ලෙස දෙමුවාත මහ විදුහලේ විදුහල්පති විජිත් දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.
හොරමුල, දෙමුවාත ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසුතා සහිත පවුලක එකම දරුවා වන මැය, වසර පහක සිට මේ රෝගයෙන් පීඩා විඳිමින් සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යයි. මේ ශිෂ්‍යාව 2022 වසරේ පැවැති අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිට A සාමර්ථ්‍ය 5ක් සහිතව විභාගය සමත් වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පති විජිත් දේශප්‍රිය මහතා පැවැසුවේ ඉගෙනීමට දක්ෂ මේ සිසුවියට වැලඳී ඇති රෝගය සුවපත් කරගැනීමට ඇගේ උකුල් ඇට දෙක බද්ධ කිරීමට අවශ්‍ය ශල්‍ය කොටස් විදේශයකින් ගෙන්වා ගත යුතු බවත්, ඒ ශල්‍යකර්මය කොළඹ ජාතික රෝහලේදී කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇති බවත්ය.
ඒ සඳහා මුදලින් රු. ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය වන බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
දැඩි ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන ඒ ශිෂ්‍යාවගේ මවුපියන්ට මේ මුදල සොයා ගැනීමට අපහසු තත්ත්වයෙන් පෙළෙන බැවින්, ඒ සඳහා ඔබගේ ආධාරය රක්වාන මහජන බැංකු ශාඛාවෙහි ඇති අංක 1292001 10048568 දරන ගිණුමට හෝ ගොඩකවෙල ලංකා බැංකු ශාඛාවෙහි අංක 92291598 දරන ගිණුමට බැර කරන මෙන් විදුහල්පතිවරයා ඉල්ලා සිටියි.
උපුටා ගැනීම – දිණමින පුවත්පත