රස්සා නැති නිසා උපාධිධාරිනියකටත් පැල් රකින්න වෙයි


රැකියාවක් නොමැති වීම නිසා වගා කරමින් එම වගා අලින්ගෙන් ආරක්ෂ කර ගැනීම සඳහා ගහක් උඩ තැනූ පැලක පැල් රකින උපාධිදාරිනියක් පිළිබඳ තොරතුරු අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නමින් ඩී.පී. චතුරිකා දර්ශනී වන ඇය මූලික අධ්‍යාපනය ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සපුරා ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා.

උසස් පෙළ කඩඉමට අති සාර්ථක ලෙස මුහුණ දෙන මෙම තරුණිය 2014 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලබනවා.

වසර 4ක විශේෂ උපාධියක් හැදෑරීමෙන් පසුව ඊට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ වෙහෙසුණද ඇයට සුදුසු රැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජීවත් වීමට මාර්ගයක් නොමැති වීම නිසා ඇය ගොවිතැනට යොමු වී තිබෙනවා.

දහවල් කාලයේ වගා කටයුතු සිදු කරන මෙම තරුණිය එම වගාවන් අලින් ඇතුළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාත්‍රී කාලයේ පැල් රකින බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *