ඩොලරය තවදුරටත් පහළට යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.16 ක් ලෙසත් විකුණුම් මිල රු. 314.87 ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 310.15 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2023 ජූලි 07 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම අගයයි.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව: රු. 306.25 – රු. 314.25

මහජන බැංකුව: රු. 306.24 – රු. 313.29

කොමර්ෂල් බැංකුව: රු. 306.00 – රු. 314.00

සම්පත් බැංකුව: රු. 305.00 – රු. 314.00

හැටන් නැෂනල් බැංකුව: රු. 306.50 – රු. 314.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *