කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැඟිලි පිරිසුදු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට තීරණය කර තිබේ.
ඒ සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීම සඳහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වේ.
අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැඟිලි පිරිසුදු කරන්නන්ගේ සංගමය අතර පෙරේදා (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරිණි.
සිය ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විෂය භාර අමාත්‍යවරයාට මනූෂ නානායක්කාර මහතා සිය ස්තුතිය පුද කළේය.
එන් 4 මට්ටමේ ජපන් භාෂා ප්‍රවීණතාව ලබාගත් අය SSW කාණ්ඩය යටතේ මේ සඳහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කර ගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විත වේ. එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක් ද පැවැත්වේ. ගොඩනැඟිලි පිරිසුදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ SSW පරීක්ෂණය සඳහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයන් සඳහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයන් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවය. ඒවා ජනතාව අතරට ගෙන යෑම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
මෙම රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයන්ට SSW 2 මට්ටමට යොමුවීම මඟින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමට ද අවස්ථාව හිමිවන බවත් එමඟින් ජපානයේ ස්ථිර පදිංචියට ද අවස්ථාව හිමි වන බව ද ජපාන නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා ජපානයේ ගොඩනැඟිලි පිරිසුදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයෝ එක්ව සිටියහ.
Pls i am interested this