පෙනහැල්ලෙන් සාර්ථකව කැරපොත්තෙක් එළියට ගනියි

පුද්ගලයෙකුගේ පෙනහැල්ලකින් කැරපොත්තෙකු පිටතට ගැනීමට කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී ඇත.

අදාළ පුද්ගලයාට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම හේතුවෙන් කේරළයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්ත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්ත්වයා ශරීරයෙන් පිටතට ගැනීමට එම වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත.

අදාළ රෝගියා මේ වන සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *