ඩොලරය සාර්ථකව 309 සීමාව පසු කරයි – මහ බැංකුවෙන් නිවේදනයක්

එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (01) දිනයේ දී රු. 310 සීමාවෙන් මෙපිටට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරන පරිදි අද දින ඩොලරයේ මිල වාර්තා වූයේ රු. 309.89 ක් ලෙසිනි.

මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 305.16 ක් ලෙසත් විකුණුම් මිල රු. 314.87 ක් ලෙසින් සටහන්ව තිබේ.

මෙලෙස ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාවය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටී.

දෙසැම්බර් මස අග භාගයේ සිට නිරීක්ෂණය වූ විනිමය අනුපාතිකයෙහි අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාවය 2024 වසරේ මේ දක්වා පැවතුණි. 2024 වසරේ පෙබරවාරි මස 29 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.4කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ පෙබරවාරි මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලර වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

press 20240229 external sector performance 2024 january s 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *