දුම්රිය ස්ථාන පහක සුපිරි සාප්පු සංකීර්ණ ගහන්න යයි

කොළඹ තදාසන්න ප්‍ර​දේශ ආසන්නව පිහිටි දුම්රිය ස්ථාන පහක් සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ ලෙසට සංවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මීට අදාළ වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇත. ඊට ප්‍රවාහන අමාත්‍යාංශයේද අනුමැතිය හිමිව ඇතැයි සඳහන්ය.

ඒ අනුව කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථාන මෙලෙස සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය නම්කර ඇත්තේ ‘ස්ටේෂන් ප්ලාසා’ නමිනි.

ඒ අනුව එම දුම්රිය ස්ථානවල මහල් ගොඩනැගිලි ඉදිකිරීමටත්, දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා ඊට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බව දුම්රිය අධිකාරි ඩබ්ලිව්. බණ්ඩාර සති අග ‘අරුණ’ ට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *