13 හැවිරිදි පාසල් සිසුවාට සුද්දියෙක් අතවර කරයි

විදෙස් ජාතික කාන්තාවකට අතවර කළැයි කියන දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අද (3වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට සංචාරයට පැමිණි තිස් හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක කුඩාවැල්ල ගම්මානයට පැමිණ සිටියදී මෙම අතවර සිද්ධියට මුහුණ පා තිබිණි.

ඇය ඊයේ (2වැනිදා ) පස්වරුවේ කුඩාවැල්ල, මෝදර වැල්ලේ තනිව ඇවිද යමින් සිටියදී සැකකාර පාසල් ශිෂ්‍යයා තම සුරතල් බල්ලා සමග පැමිණ මෙම කාන්තාව සමග කතාබහ කර කුළුපග වී ඇත.

ලස්සන තැනක් පෙන්වීමට ඇති බව කියමින් ඔහු කාන්තාව කැටුව වෙරළාසන්නයේ වැටකෙයියා පඳුරක් අසලට කැඳවාගෙන ගොස් ඇයට අතවර කර ඇතැයි පැවසේ. විදෙස් කාන්තාව මේ සම්බන්ධයෙන් දික්වැල්ල, හිරිකැටිය පොලිස් මුරපොළට පැමිණිලි කර තිබූ අතර හිරිකැටිය පොලිසියෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ල යොමු කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිලධාරිහු සැකකාර පාසල් ශිෂ්‍යයා ඊයේ(3වැනිදා) අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු කුඩාවැල්ලේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට අනාවරණය වී ඇත.

ප්‍රංශ ජාතික කාන්තාව පොලිසියේදී සැකකාර පාසල් ශිෂ්‍යයා හඳුනාගෙන තිබිණි. සැකකාර පාසල් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ස්තූතිවන්ත වී ඇත්තේ ආයුබෝවන් කියා දෑත් එක්කර ආචාර කරමිනි. ලංකාව සුන්දර රටක් බැවින් මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩනොතබන ලෙසත් ඇය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. එසේ පැවසූ ඇය සැකකාර පාසල් ශිෂ්‍යයා තවමත් කුඩා දරුවකු බැවින් ඔහුට අවවාද කර මුදා හරින ලෙසත් ඉල්ලා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *