හමුදාව අධිවේගී මාර්ගයේ රාජකාරියට හදිසියේම කැදවයි

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු  කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීමත් සමගම එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා  හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත 

එහි මූලික පියවර ලෙස අද (21)  සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ අනු ඛණ්ඩයක්  අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු  කළමනාකරණ ඒකකයේ ගැලනිගම අන්තර් හුවමාරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ, එහි අධ්‍යක්ෂක නඩත්තු හා මෙහෙයුම් ආර්. ඒ. ඩි. කහටපිටිය මහතාගේ මඟ පෙන්වීම මත රාජකාරි කටයුතු ආවරණය කරන ස්ථාන පිලිබද  අවබෝධයක් ලබා ගත්තේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *