ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන්නට තීරණය කළහොත්, තමන් දේශපාලනයෙන් සමු ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග පවසයි.
කෙසේ වෙතත්, පොහොට්ටු පක්ෂයෙන් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, තමන් නිසැක වශයෙන්ම ඔහුට සහාය දක්වන බව පවසන ප්රසරන්න රණතුංග, බැසිල් නොවන, වෙනත් දුර්වල අපේක්ෂකයෙක් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් තමන් පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වන බවද පවසයි.
බැසිල් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් නොවී, පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර, වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහා වෙනත් පක්ෂයකින් හෝ සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, තමන් පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී රනිල්ට සහාය දක්වන බව ප්රසන්න රණතුංග පවසයි.