උද්දික ප්‍රේමරත්න කැනඩාවේ රැකියාවක් සදහා ඉල්ලුම් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා කැනඩාවේ රැකියා වීසා ඉල්ලුම් කර තිබේ.

ඔහු සඳහන් කළේ තමන් කැනඩාවේ දේශපාලන රැකවරණ පතා නොමැති බවත් රැකියා විසා බලපත්‍රයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ කැනඩාවේ සිටියදී බවත් හෙතෙම පැවසීය.

තමන් දේශපාලනයෙන් කිසිම දෙයක් උපයාගෙන නැති බවත් තමන්ට දැනටමත් ඉතිරිවී ඇත්තේ රංගනයෙන් උපයා ගත් දේ පමණක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *