ගාල්ල වරාය සම්පූර්ණයෙන්ම විනෝදාස්වාද වරායක් බවට පත් කරන්න තීරණය කරයි

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතු වලට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-8-14 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව දියකඩනය, ගැඹුරු මගී නැංගුරම්පොළ, රැදවුම් බැම්ම, මුහුදු තාප්පය, ඇල මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම ආශ්‍රිත සමුද්‍රීය ව්‍යුහ හා ගොඩ කරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මූල්‍ය පහසුකම් යොදවා ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ පදනම මත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *