ලංකාවට ඩොලර් ගේන සංචාරකයින්ට පහර දුන් දුම්රිය සේවකයින්ට වැඩ වරදියි

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් දුම්රිය ආරක්ෂක අංශ ප්‍රධානියාගේ මුලිකත්වයෙන් මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර පැවසුවා.

මෙම පරීක්ෂණයෙන් පසුව දුම්රිය සේවකයින් වරදක් කර ඇති බවට ඔප්පු වුවහොත් ඔහුන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

විදේශීය පුරවැසියන් දුම්රියේදී කිසියම් වරදක් කළහොත් ඔවුන්ට දඩුවම් කිරීමට දුම්රිය සේවකයින්ට බලයක් නොමැති බව පවසන දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ඒ වැනි විදේශකයින්ට එරෙහිව පියවර ගන්නේ අදාළ රාජයේ තානාපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව බවයි ඔහු පැවසුවේ.

තමා මේ පිළිබඳව සියලුම දුම්රිය සේවකයින්ව දැනුවත් කර ඇති බවත් මේ සිද්ධියෙන් කිසියම් වූ විදේශකයින් පිරිසක් අපහාසුතාවයට පත්ව ඇත්නම් තමා කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *