සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙක්.
ඔවුන් දෙදෙනා රාත්රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණෙමින් සිටියදී අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇත.
අනතුරුව සැකකරුවන් දෙදෙනා විසින් තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන තිබෙනවා.
එම අවස්ථාවේදී අග්රාමාත්ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අල්ලාගෙන කොල්ලුපිටිය පොලිසියේ ජංගම සංචාරක නිලධාරීන්ට භාරදී ඇත.