වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක හමු වෙයි

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බව අනාවරණය වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය විසින් කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ වෙළෙඳපොළෙන් ලබාගත් නැවුම් වම්බටු සාම්පලවලින් සියයට 23ක මිනිසාට අහිතකර කෘමිනාශක අවශේෂ තිබෙන බවය.

එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා විද්‍යා තාක්ෂණ අධ්‍ය්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පියුම් ද ඒ අබේසුන්දර පරිසර යුක්ති කේන්ද්‍රයට සඳහන්කර ඇත්තේ එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතුකර සේදීමෙන් මෙම පළිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බවය.

මෙහිදී එළවළු සහ පලතුරුවල පිටතින් ඇති පොත්ත ඉවත් කිරීම මගින් පහසුවෙන්ම විෂ රසායනිකයන් ආහාරය මතින් ඉවත් කිරීමේ හැකියාව පවතින බවද අචාර්යවරයා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *