මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙන් පසු එහි පහළ ම සේවකයාගේ වැටුප එක්ලක්ෂ අසූඅටදහස් අටසියවිසිහතයි ශත පනහකට ආසන්න බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (මාර්තු 6) පාර්ලිමේන්තුවේදී හෙළි කළේ ය.
මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමට අදාළව පහළ සේවක ස්ථරවල සිට ඉහළ සේවක ස්ථර දක්වා වැඩි වූ වැටුප් ප්‍රමාණයන් පිළිවෙළින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (මාර්තු 6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම වැටුප් වැඩි වූ ආකාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව මුදල් කාරක සභා