අම්බානිගේ විවාහ උත්සවයේ කෑම හදපු ලංකාවේ සූපවේදීන්

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන, රැගෙන ගොස් තිබූ අතර ඔවුන් 03/07 දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් ” සිට්‍රස් ” ( Citrus ) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ ” සිලෝන් කරි ක්ල්බ් ” ( Ceylon Curry Club ) අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි.

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි. ශ්‍රී ලාංකික සූපවේදීන් ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන , නවතම ක්‍රම වලට පිළියෙල කර පිරිනැමීම මෙම අවන්හල තුළ දී සිදු කර ගෙන ගොස් තිබුණි .

මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .

ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර , ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර , පැසසුම් මත තවත් අතිරේක දිනයක් ලෙස 03/04 වැනි දින ද එම උත්සවයේ රාත්‍රී ආහාර ද පිළියෙල කිරීමේ වගකීම සහ අවස්ථාව ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට හිමි වී තිබුණි .

විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ” ජාම් ” නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පවත්වා තිබේ.

විවාහ මංගල උත්සවයට ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට අමතරව එංගලන්තය , ඩුබායි , චීනය සහ ඉන්දියාවේ සූපවේදීන් කණ්ඩායම් ද කැදවා තිබුණි .

මෙම සූපවේදීන් පිරිස 03/07 දින උදෑසන 06.20 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *