සියදිවි හානි කර ගැනීමේ අරමුණින් කොත්මලේ ජලාශයට පැන දියේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරාගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ ලාන්ස් කෝප්රල් එච්. එච්. පී. ප්‍රභාත්ගේ සේවය යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් අගය කරනු ලැබිණ.
එම සෙබළා යුද්ධ හමුදා මූලස්ථානයට පෙරේදා (06) කැඳවා යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම යුද්ධ හමුදාපතිවරයා විසින් පලඳවනු ලැබිණ.
අදාළ සෙබළා නිවාඩු මත සිටිය දී තම පුද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් තලවාකැලේ නගරයට යමින් සිටිය දී ඉහළ කොත්මලේ ජලාශය අසලින් ගමන් කරද්දී ඇසුණු ශබ්දය පිළිබඳ සෝදිසි කරද්දී කාන්තාවක් අඩි විස්සක් පමණ ඉහළ සිට කොත්මලේ ජලාශයට පැන ඇති බවත් එහි රැස්ව සිටි පිරිසට ඇය බේරාගැනීමට ඉදිරිපත් වීමට නොහැකිව තිබූ බව දැනගත් අදාළ සෙබළා වහාම ක්‍රියාත්මක වී අදාළ කාන්තාවගේ ජීවිතය බේරාගෙන ඇත.
ඔහුගේ මෙම වීර ක්‍රියාවට තලවාකැලේ පොලිස් නිලධාරීන් ද සහයෝගය ලබා දී ඇති අතර, මෙම සෙබළාගේ සේවය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින්ද අගය කර ඇත.