කැනඩාවේදී ශ්‍රි ලාංකික පවුලක්ම ඝාතනය කරයි – 19 හැවිරිදි ශ්‍රි ලාංකිකයෙක් අත්අඩංගුවට

සහ දරුවන් හතර දෙනෙකුගේ සිරුරු සොයාගත් බව කැනේඩියානු පොලිසිය ප්‍රකාශ කරනවා. එරට වේලාවෙන් බදාදා පස්වරු 10.52 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මත පරීක්ෂණ සඳහා ගිය නිළධාරීන් විසින් මෙම සිරුරු සොයාගෙන ඇත.

මෙම සිදුවීම පිලිබඳව විස්තර කරන ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ මෙම වෙඩි තැබීම මහා පරිමාණ වෙඩි තැබීමක් ලෙස සලකන බවයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර ඔටාවා හී පිහිටි ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්‍ය්ලය මියගිය පුද්ගලයන් සියළු දෙනාම ශ්‍රි ලාංකිකයන් බව තහවුරු කර තිබෙනවා. කොළඹ සිටින වින්දිතයන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ දරමින් සිටින බවද මහකොමසාරිස් කාර්‍ය්ලය ප්‍රකාශ කර තිබුනා.

සිදුවීම පිලිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ නොකරන පොලිසිය වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව නිවේදනය කර තිබුනා. මෙම අපරාධය පිලිබඳව අදහස් දක්වන ඔටාව නගරයේ නගරාධිපතිවරයා සඳහන් කර තිබුනේ මෙම අපරාධය අපේ නගරයේ ඉතිහාසයේ සිදුවූ වඩාත් කම්පා සහගත ප්‍රචන්ඩ සිදුවීමක් බවයි.

අපරාධය පිලිබඳව අදහස් දක්වන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සිදුවීම පිලිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මෙම සිදුවීම බිහිසුණු පසහ ප්‍රචණ්ඩ සිදුවීමක් බව ප්‍රකාශ කර තිබුනා.

ප.ලි.

මියගිය පිරිස ශ්‍රි ලංකාවේ නුවර ප්‍රදේශයේ සිට මෑතකදී කැනඩාවට සංක්‍රමණය වූ ශ්‍රි ලාංකික සිංහල පවුලක් වන බවත් ප්‍රහාරයෙන් පියා දිවිගලවා ගැනීමට සමත්වී ඇති බවත් වාර්තා වේ. මියගිය කුඩාම දරුවා මෑතකදී උපත ලැබූ මාස කිහිපයක් වයසැති බිළිදෙකු බවද කැනඩාවෙන් ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඝාතනය වූ ශ්‍රි ලාංකික පවුල පිලිබඳව සැලකිය යුතු විස්තරයක් කැනඩා මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ අතර ලියුම්කරුට පෞද්ගලිකවද තොරතුරු සොයා ගැනීමට හැකියාව ලැබුනි. එමෙන්ම මුලින් එම ඝාතනය වෙඩි තැබීමක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබුනද පිහි ඇනුම් ප්‍රහාරයකින් ඝාතනය සිදුකර ඇති බව පසුව වාර්තා කර තිබුනි.

ප්‍රහාරයට ලක්වූ පවුලේ සාමාජිකයන් මෑතකදී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර මව දරුවන් සිව් දෙනෙකු සහ තවත් පවුලේ සාමාජිකයෙකු සිටින බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පියා දිවි ගලවාගෙන ඇති බවත් ඔහු බරපතළ තුවාල සහිතව රෝහල් ගතකර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

මියගිය පිරිස අතර 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ දරුවන් සිව්දෙනා වන 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ නැමති ළඳරුවෙකුද වේ . මියගිය හයවැනි පුද්ගලයා 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙක් වන අතර ඔහුත් එම නිවසේම පදිංචිව සිටි පවුලේ හිතවතෙකු ලෙස හඳුනාගෙන ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර ඔහුද මියගිය පිරිස සමඟ එම නිවසේම වාසය කල පුද්ගලයෙකු බව සොයාගෙන ඇත. ඔහුට මේ වන විටත් 6 පුද්ගල ඝාතනයකට හා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මෙම ඛේදවාචකය සිදුකලේ ඇයිද යන්න පිළිබඳව පගැටළු රාශියක් ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කරන බවත් කැනඩා පොලිසිය ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *