ජීවත් වෙන්න අමාරුයිලු – පාර්ලිමේන්තු මන්ත්‍රීන් 03ක් රට යන්න හදයි

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම තිදෙනා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින බවද දැනගන්නට තිබේ. පාර්ලිමේන්තුවට යළි පත්වීමට ඇති අවිනිශ්චිතතාවද ඔවුන් රට හැර යාමට තීරණය කිරීම කෙරෙහි බලපාන්නට ඇති බවත් ඉහත ආරංචි මාර්ග පැවසීය.

මේ අතර මන්ත්‍රිවරු තිදෙනෙක් රට හැර යාමට සූදානමින් සිටින බව තමන්ටද දැනගන්නට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධනද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි හා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නද පසුගිය දිනවල මන්ත්‍රි ධුර හැර ගිය අතර, උද්දික ප්‍රේමරත්න මේ වනවිට කැනඩාවට ගොස් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *