කෙහෙළියට දැන් සනීපද – උසාවියම සිනහ සයුරක ගිල්වමින් විනිසුරු අහයි

දෙලක්ෂ තිස් දහසකට වඩා වැඩි සිය පෞද්ගලික දුරකථන බිල, රාජ්‍ය මුද්රණ සංස්ථාවට අයත් මුදලින් පියවා ගැනීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ගොනු කර තිබෙන නඩුව ඊයේ දිනයේ දී කොළඹ මහාධිකරණය ඉදිරියේ යළි කැදවා තිබුණි.

මෙම නඩුව හා සම්බන්ධ මුදල් අවභාවිතාව කෙහෙළිය විසින් සිදුකර තිබෙන්නේ 2010 වසරේ ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ය.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ නඩුව කැදවූ අවස්ථාවේ කෙහෙළිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඊට පෙර නඩුව කැදවා තිබුණු අවස්ථාවේ දී ද, තමන් රෝගී තත්ත්වයකින් පසුවන බව කියමින් කෙහෙළිය අධිකරණය මගහැර තිබුණි.

නමුත්, සිය අසනීප තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක්, කෙහෙළිය, අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

ඊයේ නඩුව යළි කැද වූ විට, තමන්ට පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමට අවශ්‍ය බව කියමින් කෙහෙළිය නැවතත් අධිකරණය මග හැර සිටියේ ය.

එම අවස්ථාවේ “කෙහෙළියට දැන් සනීපද..?” යැයි විනිසුරු තුමා විමසා ඇති අතර, එම අවස්ථාවේ අධිකරණයේ සිටි සියල්ලෝ සිනා සී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *