ගෝඨාභයගේ පොත දින තුනෙන් විකිණී අවසන් වෙයි

ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී තිබේ. මෙම කෘතිය ඉකුත් 7 වැනිදා එළි දැක්වුණු අතර ඊයේ (10) වන විට එම කෘතිය විකිණී අවසන්ව ඇත.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොත්සල්වලින් මෙම ග්‍රන්ථය මිල දී ගෙන ඇති බවත් එයින් වැඩි පිරිස දේශපාලනඥයන් බව විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනයේ සභාපති විජිත යාපා මහතා පවසයි.

මෙම පොත මිල දී ගැනීමට රටපුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවත් එම ග්‍රන්ථය මුද්‍රණය කෙරුණු පසු තවත් තොගයක් බෙදා හැරීම සඳහා රැගෙන එන බව ද ඒ මහතා සඳහන් කරයි. එම ග්‍රන්ථය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබා ගැනීමට හැකි වන පරිදි මුද්‍රණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *