සරසවි සිසුවා තම උපන්දින සාදයට සුපිරි ගණිකාවන් ගෙන්වයි

මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුන් අතරින් මත්ද්‍රව්‍ය  සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනකු හා මුදලට  පැමිණි බවට සැක කරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් හය දෙනකු මෙම මස 14 වෙනිදින දක්වා රිමාන්ඩ් භාරයට  පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි  මහත්මිය නියෝග කළාය.

රිමාන්ඩ් භාරයට පත්වූවන් අතර සරසවි සිසුවෙකුද වේ.

මුදලට පැමිණි බව කියන කාන්තාවන්ගේ සමාජ රෝග වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනා ශරීර ඇප මත මුදා හැර තිබිණි.

හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා මත්පෙති තුනක් හා සුඛෝභෝගි මෝටර් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ සුඛෝභෝගි නිවාස සංකීර්ණයට තරුණ තරුණියන් රැසක් පැමිණ මධ්‍යම රාත්‍රියේදී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.

ඒ අනුව එම ස්ථානය වටලා පෞද්ගලික සරසවියක සිසු සිසුවියන් 17 ඇතුළු 27 කු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් සහ මුදලට පැමිණි බව කියන තරුණියන් හැරෙන්නට සෙසු තරුණ තරුණියන් 19 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *