අම්පාර තිරික්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලයේ පාසල් ක්‍රීඩා තරග වෙනුවෙන් සංවිධානය කළ මැරතන් ධාවන තරඟයකට සහභාගි වූ අවුරුදු දහසයක සිසුවෙකු මිය ගොස් තිබේ.
පරීක්ෂණ සිදු කරන තිරික්කෝවිල් පොලීසියට අනුව මෙම අනතුරින් මියගොස් ඇත්තේ දොරේ අප්පා පාර තිරික්කෝවිල් අංක 03 ලිපිනයේ පදිංචි අවුරුදු දහසයක් වයසැති ජේ විදූෂන් නැමැති සිසුවෙකි. මේ ඒ සිසුවා අද මැරතන් තරගයට සහභාගී වී සිටි අයුරුය.
තරගය අතරතුර අද උදෑසන 7.30ට පමණ විදූෂණට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී තිබිණි. අනතුරුව වහාම ඔහුව තිරික්කෝවිල් මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඉන් පසු දරුවාට අසාධ්‍ය වී තිබිණි. පසුව ඔහුව ගිලන් රථයකින් අක්කරෙයිපත්තු මහ රෝහලට මාරු කර යවා තිබේ. දහවල් 12,30 ට පමණ සිසුවා අක්කරෙයිපත්තු මහ රෝහලේ දී මියගියේය.