අධිකරණයට යන ගමන් නිල ඇඳුම පිටින්ම පොලිස් සැරයන් ස්පා යයි

පොලිස් අංක 01 නිල ඇඳුමින් සැරසී අධිකරණයට යන  අතරවාරයේ කිරිල්ලවල කොකිස්කඩේ හන්දිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට නිල ඇඳුම පිටින්ම ගොස් එහි සේවාව ලබා ගැනිමට සූදානම් වූ බව කියන සැරයන්වරයෙක් සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම පොලිස් සැරයන්වරයා තුනටියේ වේදනාවක් ඇතැයි පවසමින් එම සම්බාහන මධ්‍යස්ථානයට නිල ඇඳුම පිටින් ඇතුළු වී සේවාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් එහි කාන්තාවක් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මෙහදී සැරයන්වරයා සහ සම්බාහන මධ්‍යස්ථානයේ සේවිකාවන් අතර වචන හුවමාරුවක්  ද සිදුවී තිබේ.

අනතුරුව යක්කල පොලිසියට කළ දැනුම් දීමකින් පසු එහි නිලධාරීන් සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ පොලිස් සැරයන්වරයා යක්කල පොලිසියට රැගෙන ගොස් ඇත.

අනතුරුව නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව ඔහු මුදා හැර තිබේ.  – ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *