ගෝවා හැර උඩරට හා පහතරට එළවළු වර්ග රැසක මිල අඩු වීමක් මේ වන විට දක්නට ලැබෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි තොග මිල ඊයේ රුපියල් 300ට අඩු මට්ටමක පැවතුණා.
කැරට් මිලද රුපියල් 430 ඉක්මවා ගොස් තිබුණේ නැහැ.
ලීක්ස් රුපියල් 150ත් 250 ත් අතර අඩු අගයක සටහන් වුණා.
කෙසේ වෙතත් පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නුවරඑළියේ ගෝවා කිලෝග්‍රෑමයක තොග මිල සටහන් වුණේ රුපියල් 480 ක් ලෙසයි.
එහි ආනයනික ලොකු ළුෑනු තොග මිල රුපියල් 450 ත් 480 අතර අගයක සටහන් වුණා.