යාපනයේ පොඩි මාලිංගට චෙන්නායි පිලේ නායක දෝනිගෙන් ආරාධනයක්

පසුගිය දිනක යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයේදී ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවපු පන්දුයවන්නෙක් පිළිබද කතාබහට ලක්වුණා.

ඒ පන්දු යවන්නා තමා Kugadas Mathulan. කෙසේවෙතත් මේ වෙද්දී Kugadas Mathulan ඉන්නේ ඉන්දියාවේ Madras වල. චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක එම් එස් දෝණිට අවශ්‍ය වෙලා තිබෙනවා මේ අලුත් පන්දුයවන්නව ලගින් නිරීක්ෂණය කරන්න.

ඔහු ඉදිරි දින කිහිපයේදී චෙන්නායි පිලේ දැල් තුළ පන්දු යවන්නෙක් විදිහට කටයුතු කරනු ඇති බවටයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී Rex Clementine මහතා වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *