හිරු TV සහ රෙනෝ සිල්වා නිළි මහේෂිගෙන් කෝටි 2000ක් ඉල්ලයි

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේනෝ සිල්වා මහතාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදල් ඉල්ලමිනුයි මෙසේ එන්තරවාසි භාර දීමට කටයුතු කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *