2026 විස්සයි – විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට සහ ඉන්දියාවට හිමි වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.

2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *