ඔස්ට්‍රේලියාවේ බියර් සමාගමක නව නිෂ්පාදන රස බැලීමට පැයකට $ 250 ක් දෙන්න අයදුම්පත් කැදවයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බීර සමාගමක් විසින් සිය නවතම නිෂ්පාදන වෙළඳපොළට මුදාහැරීමට පෙර රස බැලීම සඳහා වන තනතුරට (chief beer tasting officer) අයදුම්පත් කැඳවා තිබෙනවා.

තෝරා ගන්නා තැනැත්තාට වසරකට පැය 04 ක සේවා කාලයක් පමණක් හිමිවන අතර පැයකට ඩොලඒ 250 ක් බැගින් ඩොලර් 1,000 ක වැටුපක් හිමිවීමට නියමිතයි.

ඊට අමතරව නොමිළයේ ඇඳුම් – ආහාර සහ වෙළඳපොළට නිකුත් කරන නව බීර විශේෂයන්හි බෝතල් කිහිපයක් බැගින්ද අදාළ පුද්ගලයාට ලැබෙනු ඇති.

පරීක්ෂාවට ලක් කරන බීර වර්ගවල රසය – තත්වය සහ ගුණය පිළිබඳ වාර්තාවක් ඔහු විසින් ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

තෝරා ගන්නා පුද්ගලයාට ලබන වසරේ සිට නව තනතුරේ රාජකාරි ආරම්භ කල හැකි අතර ලබන දෙසැම්බර් 17 වනදාට පෙර අයදුම්පත් යොමුකල යුතුයි.

One thought on “ඔස්ට්‍රේලියාවේ බියර් සමාගමක නව නිෂ්පාදන රස බැලීමට පැයකට $ 250 ක් දෙන්න අයදුම්පත් කැදවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *