වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ මීට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවයි.