කැඳ විකුණා පාසලට ක්‍රීඩා පිටියක් විදුහල්පතිවරයා හදයි – අවු.67 කට පසු පළමු ක්‍රීඩා උත්සවයත් තියයි

ගාල්ල ඉමදූව ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විදුහලේ දරුදැරියන් කැඳ විකුණා උපයා ගත් මුදලින් මසක් තුළ කුඩා ක්‍රීඩා පිටියක් සකස්කර නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවත්වීමේ පුවතක් දසත නිවුස් වෙත වාර්තා වුණා.

විදුහලේ වසර 67ක ඉතිහාසය තුළ පැවැත් වූ පළමු ක්‍රීඩා උත්සවය මෙයයි.

ගාල්ල ඉමදූව ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විදුහල 1957 වර්ෂයේ ආරම්භ කෙරුණා.

බොහෝ අඩුපාඩුකම් රැසක් මධ්‍යයේ මෙම පාසල වැසී යාමේ අවධානමට ලක්ව තිබුණේ දිර්ඝ කාලයක් තිස්සේයි.

වසර 10කට පෙර පාසලේ විදුහල්පති ලෙස ඒ. ජී. පත්මසිරි මහතා වැඩ භාරගන්නේ විදුහලට නව යුගයක් උදාකිරීමේ අරමුණ සමගයි.

ඒ, අනුව පාසලට මහත් අඩු පාඩුවක්ව පැවති ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ කටයුතු මීට මාසයකට පමණ පෙර ආරම්භ කෙරුණා.

නමුත් එහිදී පාසල් ප්‍රජාව මුහුණ දුන් බරපතලම අභියෝගය වූයේ අවශ්‍ය මූල්‍ය සම්පත් සොයා ගැනීමයි.

ඒ, අනුව මව්පියන් සිය දරුවන් සමග එක්ව ප්‍රධාන මාර්ග දෙපස කැඳ වර්ග විකුණා, සිඟිතිපොළ වැනි ක්‍රම මගින් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *