ලාංකිකයින් ඕස්ට්‍රේලියාවට ගිහින් ඉවරයි – දැඩි සංක්‍රමණ සීමා වහාම පනවයි

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බව නවතම දත්ත අනූව පෙනීයන පසුබිමකදීය.

සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට කුලි නිවාස වෙළෙඳපොළ තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී ඇති බව සඳහන් ය. 
  
උපාධිධාරී වීසා සහ ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය තවත් වැඩිකර ඇති අතර ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසන සමාගම් නීති දිගින් දිගටම කැඩුවොත් එම සමාගම්වල කටයුතු අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජයට බලය පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *