මෙරට උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් තවත් ඉහළට යයි

මේ දිනවල උෂ්ණත්වය වසරේ වෙනත් දිනවලට වඩා සෙල්සියස් අංශක එකකින්,දෙකකින් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා මෙම තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

සෑම වසරකම මාර්තු, අප්‍රේල් මාසවලදී උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවත්,අප්‍රේල් මාසය අවසන් වනතුරු මෙම තත්ත්වය පවතින බවද ඔහු කීවේය.

අසාමාන්‍ය ලෙස මේ කාලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්දැයි පරීක්ෂා කිරීමට නම් අධ්‍යයනයක් සිදු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *