ගංජා කියා හිතා ඉන්දියානුවෙන් අක්කර ගානක දාස්පෙතියා වවලා – උපදෙස් දී ඇත්තේ ලංකාවේ තරුණයෙක්

හොර රහසේම ගංජා වගා කළ අයෙකුට සිදුවූ අකරතැබ්බයක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඔහු පොලිසියට හොරෙන් ගංජා වගා කොට ඇති අතර ඔහුට ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ දැනුම ලබා දී ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු බවයි ඔහු සිය මිතුරන්ට පසුව පවසා ඇත්තේ.

කෙසේ වෙතත් පැලකිරීමෙන් ටික කලක් ගත වීමෙන් අනතුරුව තමන් රැවටුනු බවත් මේවා දාස්පෙතියා ශාකයට අයත් පැල බවත් ඔහු හඳුනාගෙන තිබෙනවා.

එහෙත් ඒ වන විටත් ඔහු අක්කර ගණනාවක ඒවා වගාකොට ඇති බවයි වාර්තා වන්නේ.

Source : mawurata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *