සිරිපාගම පොලිසියේ දෙදෙනෙක් – රත්නපුරයේ සම්බාහන මධ්‍යස්ථානයෙන් කාන්තාවක පැහැරගෙන යන්න හදයි

රත්නපුර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත්කර ඇත. සිරිපාගම පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යයේ කොස්තාපල්වරයකු සහ එහි බහුකාර්යයේ යෙදුණු පුද්ගලයකු, කුරුවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොස්තාපල්වරයා ඔහුගේ හැඳුනුම්පත පෙන්වා මෙම තරුණිය මෙසේ රැගෙන යෑමට තැත්කර ඇති අතර බහුකාර්ය නිලධාරියා ද ඊට සහය දී තිබේ.අදාළ ආයතනයේ අයකු විසින් 119 හදිසි අංකයට දැනුම්දීමෙන් පසු ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්කර ඇත. පසුව ඔවුන් ඇප පිට නිදහස් කළ බව කුරුවිට පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *