ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 8.50% සහ 9.50% දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරනවා.
එහිදී මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මෙම තීරණයට එළඹුනු බවයි එම නිවේදනයේ සඳහන්.