ලංකාවේ දුප්පත් නොවී ඉන්න රුපියල් 18,350ක් ඇති – ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ.

මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 17,014 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට නම් රු. 18,350 ක් අවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුවන දිස්ත්‍රික්කය වේ.

එම සටහනට අනුව අවම අගය සටහන් වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය ඉදිරියෙන් වන අතර එය රු. 16,268 ක් ලෙසින් වාර්තා වේ.

පෙර මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

image 16 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *