කිසිදු ඖෂධීය සාරයක් නැති, වර්ණ ගැන්වූ වතුර බවට තහවුරු වී තිබෙන ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ බෙදා හැර තිබෙන රජයේ රෝහල් මොනවාද සහ එම නිශ්චිත ව්යාජ ඖෂධය ලබාදුන් රෝගීන් කවුද යන්න පිළිබදව අධිකරණයට හෙළි කරන ලෙස, මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
අදාල ඖෂධය ලබා දීමෙන් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ හෝ මියගිය රෝගීන්ගේ නාම ලේඛනය ද අධිකරණය ඉල්ලා සිටියි. මෙම සියළු ලේඛන, මැයි මාසයේ තිස්වනදාට පෙර ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය මෙම නියෝාගය ලබා දී ඇත්තේ, ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටක්සිමැබ් නමැති ඖෂධ, කිසිදු ගුණයක් නැති ව්යාජ ඖෂධ වූවාට අමතරව, එම ව්යාජ ඖෂධතුළ අඩංගු වූ වර්ණ ගැන්වූ ජලය ශරීරයට ඉතා අහිතකර මෙන්ම රෝගී තත්ත්වය උත්සන්න කළ හැකි බවට කරුණු අනාවරණය වී ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තු-ව වෙනුවෙන් පෙනී සිටි ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණයට දැනුම් දීමෙන් පසුවයි.