PHI මහත්වරුන්ට වෙඩි තැබීම් ඉහළට – තවත් වෙඩි තැබීමක් වැරදී යයි

මහභාගේ පොලිස් වසමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට 27 දින උදෑසන යතුරු පැදියකින් පැමිණි පුද්ලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගිය බව පොලීසිය පවසයි. 

අංක 481 රජයේ ඉඩම මත්තුමගල රාගම පදිංචි  පි. අසංක ලක්මාල් නැමති අයගේ නිවසට 27 දා උදෑසන පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුත්ගලයන් දෙදෙනකු ටී. 56 වර්ගයේ ගිණි අවියකින් අසංක ලක්මාල්ට වෙඩි තැබීමට උත්සහ දරා තිබේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සමග අසංක ලක්මාල් පොරබදා තිබෙන අතර එම අවස්ථාවේදී ගිණි අවියේ උණ්ඩ මැගසිනය බිම් වැටි තිබේ. ඒ සමගම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇත. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බව ද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ කටයුතු රාගම පොලීසිය විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *