මාර්තු මාසයේ උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කරනු ලබන උද්ධමනය, පෙබරවාරියේ දී 5.9% ක් වූ අතර, එය මාර්තුවේ දී 0.9% දක්වා පහත වැටී තිබේ. ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය පෙබරවාරියේ දී 7% ක ඉහළ අගයක් ගත් අතර, පෙබරවාරියේ දී එහි අගය 0.5% කි. කෙසේ වෙතත්, ආහාර ඛාණ්ඩයේ උද්ධමනය පෙබරවාරියට සාපේක්ෂව මාර්තු මාසයේ දී යම් වැඩිවීමක් පෙන්නුම් කරයි.ආහාර ඛාණ්ඩයේ උද්ධමනය පෙබරවාරියේ දී 3.5% ක් වූ අතර, මාර්තුවේ දී එය 3.8% දක්වා ඉහළ ගොස් තිබේ.