කරුණා අම්මාන්ගේ සහායත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම්, සිය පක්ෂයේ සහාය ඔහුට ලබා දෙන බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

ඊයේ දිනයේ දී තම පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ මධ්යම කාරක සභාව රැස් වී මෙම තීරණය ගත් බව ඔහු පවසයි. අගාධයට යමින් තිබුණු රටේ ආර්ථිකය ජනාධිපතිවරයා විසින් යළි ගොඩගත් බව පවසන කරුණා අම්මාන්, රනිල් වික්රමසිංහ මහතා යළි ජනාධිපතිදූරයට පත්විය යුතු යැයි තමන් විශ්වාස කරන්නේ ඒ හේතුව මත යැයි අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *